දේශීය ණය කපාහරින්නේ නෑ කියලා ආණ්ඩුව කිව්වේ පට්ටපල් බොරුවක්

දේශීය ණය කපාහරින්නේ නැහැ කියලා ආණ්ඩුව කීවේ පට්ටපල් බොරුවක් බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ කමිටුවෙන් ඉදිරිපත් වූ පූර්ව කොන්දේසියක් ලෙස දේශීය ණය කපා හරින බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර ඇති බව පැවසූ විජිත හේරත් මහතා මෙලෙස ජනතාව නොමඟ යවන ආණ්ඩුවක් සහ මහ බැංකු අධිපතිවරයකු ගැන ජනතාවට සත පහක විශ්වාසයක් නොමැති බවද පැවසීය.
පෞද්ගලික අංශයේ රැකියා කරන ජනතාව උපයාගත් මුදල් පිළිබඳ බලහත්කාරයෙන් තීන්දු තීරණ ගැනීමක් මෙහිදී සිදු වන බව කී හේරත් මහතා ඔවුනට මේ දුක් ගැනවිල්ල කියන්නට තැනක් නැති හෙයින් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ නඩුවක් ගොනු කර ඇති බවද සදහන් කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
289 Views
Comments