පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

 

 

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කඹුර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

 

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමට පළාත් සභාවේ සහ පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

 

 

අදාළ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

 

 

මැතිවරණය කල්යාම නිසා නාමයෝජනා බාරදී ඇති රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් අදාළ නාමයෝජනා අවලංගු කරන ලෙස බොහෝ පිරිසක් ඉල්ලීම් කර තිබෙනවා.

 

 

පාර්ලිමේන්තුවේදී විශේෂ යෝජනාවක් සම්මත කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ජනක වක්කඹුර ප්‍රකාශ කළා.

views

244 Views

Comments

arrow-up