කුඩ ඉහලීම ගැන බන්දුල ගුණවර්ධනගේ මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යෝගා දින සැමරුමට සහභාගී වූ ශ්‍රී ලාංකික දේශපාලඥයින් කිහිප දෙනෙකුට පිරිසක් කුඩ ඔසවන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව වලින් විවේචන එල්ල වන අවස්ථාවක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය සිද්ධිය පැහැදිලි කර තිබුණා. වැඩසටහන අතරතුර උදෑසන ඇද හැලුණු අනපේක්ෂිත වර්ෂාවත් සමඟ එහි සිටි සියලු දෙනාට ආවරණය ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධායකවරයා මෙම කුඩ එසවීමට කටයුතු කර ඇති බවයි මාධ්‍ය අංශය පවසන්නේ.
මෙය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට පමණක් විශේෂ සැලකිල්ලක් දැක්වීමක් නොවන බවත් එය සෑම කෙනෙකුටම කරන ලද ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ සඳහා ප්‍රභූ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකු ඊට සම්බන්ධ නොවූ බව අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
283 Views
Comments