සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. 

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දරන ස්ථාවරය පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිත බව එහි ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

 

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පස්වරු 5.00 ට රැස්වීමට නියමිතය.

 

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට පෙරවරු 11.00 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

views

229 Views

Comments

arrow-up