IMF ගිවිසුමට සජබ විරුද්ධ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

IMF ගිවිසුමට සජබ විරුද්ධ වෙයි

IMF ගිවිසුමට සජබ විරුද්ධ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 

 

එම පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

 

අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් ගෙන එනු ලබන සියලු යෝජනාවලට කොන්දේසි විරහිතව ඒකග වීමට ආණ්ඩුවට සිදුව ඇති බවත් පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනුව සිදුකල යුත්තේ විනිවිදභාවයකින් සහ රටට ජයග්‍රහණ අත්පත් කරගත හැකි වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරමින් වුවද එය සිදුව නොමැති බවත් එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

 

රටට අහිතකර කොන්දේසි සමග ගිවිසුම අත්සන් කර තිබීම සහ ගිවිසුම රටට ඉදිරිපත් නොකිරීම ඇතුළු කරුණු පදනම් කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සජබ පාර්ලිමේන්තු කණ්ඩායම එහිදී ඒකමතිකව තීරණය කර තිබේ.

views

266 Views

Comments

arrow-up