ජනපතිගේ අරමුණ ඡන්දය කල් දැමීම බව අනුර කුමාර කියයි.

ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටින්නේ ඡන්දය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව තමන්ට ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගනිමින් සිටින අතර දිගින් දිගටම ඡන්දය කල් දැමීමට පාර්ලිමේන්තුව හරහා ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වූ පසු කැලෑ පාරවල් සොයමින් සිටින බවයි.
මැතිවරණ කොමිසම බාහිර පාර්ශ්ව කරුවන්ගෙන් ලබා ගන්නා භාණ්ඩ හා සේවා, මැතිවරණ රාජකාරි සඳහා අවශ්‍ය ඉන්ධන සැපයුම් සහ, නඩු කටයුතු සදහා අවශ්‍ය නීතීඥ සහය ඇතුලු මේ සියලු අංශ සඳහා ප්‍රතිපාදන කපා හරිමින් මේ සඳහා ජනපති රනිල් ඇතුලු ආණ්ඩුව නිර්ලජ්ජී උත්සාහයක යෙදෙන බවට චෝදනා කරන අනුර කුමාර දිසානායක මහතා, ව්‍යවස්ථානුකූල සියලු ක්‍රියමාර්ග ඇහිරුන පසු මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට දිගින් දිගටම කැලෑ පාරවල් සොයා යාමේ උත්සහයක නිරත වී සිටින අතර එම උත්සහයට කිසිසේත්ම ඉඩ නොතබන බවට අවධාරණය කර සිටී.
642 Views
Comments