“රට බාර දෙන්න සූදානම් වන්න” - ජනපති රනිල් ඉදිරියේ කරූ ඊලඟ සැලසුම කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

“රට බාර දෙන්න සූදානම් වන්න” - ජනපති රනිල් ඉදිරියේ කරූ ඊලඟ සැලසුම කියයි

“රට බාර දෙන්න සූදානම් වන්න” - ජනපති රනිල් ඉදිරියේ කරූ ඊලඟ සැලසුම කියයි

වසර 75ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකසා ගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාරදීමට එක් වන ලෙස පක්ෂ විපක්ෂ සියලු‍දෙනා ගෙන් ඉල්ලා සිටින බව හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි.


තම දේශපාලන දිවියේ කිසිදු අවස්ථාවක කිසිවෙකුට පරිභව හෝ විවේචනය නොකළ බව සිහිපත් කළ හෙතෙම තමා කිසි විටෙක නීති විරෝධී කටයුත්තක් නොකළ බවද කියා සිටියේය.


නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමි යෝජනා කළ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් තම දේශපාලන දිවිය කැප කළ බවත් මෙම ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට ලබා දුන් ගෞරවයක් බවත් ජයසූරිය පැවසීය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසු ඔහු මේ බව ප්‍රකාශ කළේය.

views

225 Views

Comments

arrow-up