ජනපතිට ලිපියක් ලියූ නිමල් පියතිස්සත් තනතුරු සියල්ල අත්හරී

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා තමන් දැරූ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
“69 ලක්ෂයේ ජනවරම” දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරු දැරීම තම හෘදසාක්ෂියට අනුකුල නොවන බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් නිමල් පියතිස්ස මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
තම ඉල්ලා අස්වීමේ ලිපිය අද(14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කරන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
728 Views
Comments