අට වසරේ ඉගෙනුම ලබන දැරිය දූෂණය කළ නරුමයින් සිව්දෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

අට වසරේ ඉගෙනුම ලබන දැරිය දූෂණය කළ නරුමයින් සිව්දෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ

අට වසරේ ඉගෙනුම ලබන දැරිය දූෂණය කළ නරුමයින් සිව්දෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ

බිබිල ප්‍රදේශයේ අවුරුදු 14 මාස 09 වයසැති බාලවයස්කාර දැරියක් විටින් විට දූෂණය කළ තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බිබිල පොලිසිය පරික්‍ෂණ ආරම්භකර තිබේ.

 

පාසලේ අට වන වසරේ ඉගෙනුම ලබන මෙම දැරිය 2020 දෙසැම්බර් මාසයේ සිට 2021 පෙබරවාරි මාසය දක්වා අසල්වැසි තරුණයින් සිව්දෙනකු ඇගේ නිවෙසේදී වරින්වර දූෂණයකර ඇති බවට දැරියගේ මව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශණ ආරම්භකර ඇත.

 

මේ වන විට සැකකාර තරුණයින් සිව්දෙනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසන පොලිසිය හැකි ඉක්මණින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

 

බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

6033 Views

Comments

arrow-up