“ඔන්ලයින් පනත” අවලංගුයි

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.
2024 අංක 9 දරන මෙම පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පසුගිය 08 වැනිදා ගැසට් කර ඇත. මෙම පනත මෙරට මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පාර්ශවයන්ගේ විවේචනයට ලක්විය .
මේ අනුව මෙම පනත සම්මත වීමෙන් පසුව , අදාළ පනත මගින් පනවන ලද සියලු රෙගුලාසි ද අහෝසි කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම පිණිස පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ පනත් කෙටුම්පතක් ලෙස අදාළ පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
55 Views
Comments