අවුරුදු සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ 35,000ක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

අවුරුදු සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ 35,000ක්

අවුරුදු සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ 35,000ක්

උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 35,000 දෙනකු යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.

 

ජනතාව විශාල වශයෙන් ගැවසෙන කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන වෙළෙඳසල් වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන කොටුව, පිටකොටුව (ගාලුමුවදොර), බොරැල්ල, කිරුළපන හා බම්බලපිටිය යන ප්‍රදේශවලට මෙන්ම ආගමික ස්ථාන පිහිටි ප්‍රදේශවලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000කට අධික පිරිසක් යොදවන බවද ඒ මහතා කීය.

 

මෙම කාලයේදී රාජකාරි කරන රථවාහන නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සහය ලබාදෙන ලෙසද මනතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

views

58 Views

Comments

arrow-up