මෝදිගේ සංචාරය අතරතුර මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14කට නිදහස
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

මෝදිගේ සංචාරය අතරතුර මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14කට නිදහස

මෝදිගේ සංචාරය අතරතුර මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14කට නිදහස

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබේ.

 

පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම නිදහස් කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

 

එමෙන්ම එහිදී ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සහ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව වාර්තා වේ.

 

එහිදී මෝදි මහතා පවසා ඇත්තේ, “අපි ධීවරයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම කාරණයේදී මානුෂීය ප්‍රවේශයකින් ඉදිරියට යා යුතු බවට අපි එකඟ වුණා. ධීවරයින්  නිදහස් කිරීම සහ ඔවුන්ගේ බෝට්ටු ආපසු ලබාදීම සම්බන්ධයෙන්ද අවධාරණය කළා.” යනුවෙනි.

 

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සිදුකරන තමිල්නාඩු ඉන්දීය ධීවරයින්ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සිදුකරන අතර, ඒ අනුව 2025 ආරම්භයේ සිට ඉන්දීය ධීවරයින් 119 දෙනෙකු සහ ධීවර බෝට්ටු 16 ක් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

සාකච්ඡාවලින් පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා පවසා අත්තේ, ශ්‍රී ලංකා බලධාරීන් ධීවරයින් 11 දෙනෙකු ඉක්මනින් නිදහස් කිරීමට තීරණයක් ගෙන ඇති බවත්, ඉදිරි දිනවලදී තවත් කිහිප දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බවත්ය.

 

එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම ගැටලුව දෙපාර්ශ්වය අතර සැලකිය යුතු ලෙස විස්තරාත්මකව සාකච්ඡා කරන ලද විෂයයක් බවත් අවසානයේ දෙපාර්ශ්වයේම ධීවරයින්ගේ ජීවනෝපායට බලපාන ගැටළු වන බැවින් ඊට අවශ්‍ය සහයෝගීතාවය සඳහා මානුෂීය හා ඵලදායී ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බවත්ය.

views

73 Views

Comments

arrow-up