අම්බලන්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

අම්බලන්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අම්බලන්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අද (31) අලුයම අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ.

 

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත. 

 

තුවාලකරු වයස අවුරුදු 30ක් වන කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


     
කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත්, වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් භාවිතා කර ඇති බවටත් දැනට සිදුකරන  ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත. 

 

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

views

73 Views

Comments

arrow-up