විනෝදයට ඔරු පදින්න ගිය දෙදෙනෙකු දියේ ගිලී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

විනෝදයට ඔරු පදින්න ගිය දෙදෙනෙකු දියේ ගිලී මරුට

විනෝදයට ඔරු පදින්න ගිය දෙදෙනෙකු දියේ ගිලී මරුට

කළුතර කලපුවේ විනෝදයට ඔරු පදිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ, කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්සාෆ් නමැති 33 හැවිරිදි පුද්ගලයෙක් සහ මොහොමඩ් හුසයින් නමැති පුද්ගලයෙකි.

 

එක් මරණකරුවෙකු දින දෙකකට පෙර කලපුවේ ඔරු පදිමින් සිටින බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදී තිබූ බවත් ඉන්පසු කිසිදු තොරතුරක් වාර්තා නොවී ඇති බවත් පොලීසිය පැවසීය.

 

මළසිරුරක් කළුතර කලපුවේ පාවෙමින් තිබෙන බවට ලද දුරකථන ඇමතුමක් අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් , පැය තුනකට පමණ පසුව තවත් මළසිරුරක් හමුව ඇති බවත් පොලීසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

88 Views

Comments

arrow-up