ලේඛකයින් අතර විශිෂ්ඨයෙකු ජීවන ගමනට සමුදෙයි

මහාචාර්ය ආරිය රාජකරුණා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මේ වනාහී විෂයය ප්‍රාමාණිකයෙකුගේ සමුගැන්ම අතිශය පමාවී දැනුම් දීමකි.
හෙතෙම ,දශක හතකට ආසන්න කාලයක් සාහිත්‍ය විචාරයෙහි සහ සාහිත්‍ය පරිවර්තන කාර්යයෙහි නොකඩවා නියැලී විශිෂ්ටයෙකි.
ජපන් සාහිත්‍ය කෘතීන් සිංහල භාෂාවට පරිවර්තනය කරමින් මෙරට පාඨකයන්ට ජපන් සාහිත්‍ය නිර්මාණ හඳුන්වා දීමට මහාචාර්ය ආරිය රාජකරුණාපුරෝගාමී විය.
ජපන් සිනමා කෘතීන් සිංහල පාඨකයාට හඳුන්වා දීමට මූලික වූ ලේඛකයින් අතරේ මහාචාර්‍ය ආරිය රාජකරුණා මහතා ඉදිරියෙන් සිටියේය.
විශ්‍රාම ගන්නා තෙක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්‍ය වරයෙකු ලෙස කටයුතු කළ එතුමා ඊයේ අභාවප්‍රාප්ත වන විට අනූ දෙවැනි වියේ පසු විය .
126 Views
Comments