විදුලි ඉල්ලුම පහත වැටීම හේතුවෙන් සෝලා පැනල් ක්‍රියා විරහිත කරන්නැයි දැනුම් දීමක්

උත්සව සමයේ විදුලි ඉල්ලුම අඩු වී ඇති බැවින් පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවි කර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව අද සිට (13) එළැඹෙන අප්‍රේල් 21 දක්වා දින 09ක කාලයක් පස්වරු 3.00 දක්වා තම සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරන ලෙස විදුලි බල මණ්ඩලය අදාළ පාර්ශ්වයන් වෙත ඊයේ (12) දැනුම් දීමට පියවර ගත්තේය.
එහිදී විදුලිබල මණ්ඩලය පැවසුවේ විදුලි ඉල්ලුම අඩු වීම හේතුවෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශත්කි දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවය.
ඒ අනුව එහි ප්‍රතිපළයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති අතර ඊට සුළු උච්චාවඡනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්දි වීමක් ඇති කළ හැකි මට්ටමක අවදානමක් පවතින බවද විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් සඳහන් කර තිබුණි.
ඒ අනුව මෙම කාල සීමාව තුළ විදුලි බල ජාලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය පැන තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය අදාළ බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ විදුලි බල මණ්ඩලයේ මෙම තීරණයට දැඩි විරෝධය පළ කරන බවය.
78 Views
Comments