කුඩු ගහමින් කුඩු බෙදූ ජේලර් මාට්ටු

හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 190 සහ , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 830 ක් සමඟ බන්ධනාගාර නියාමකවරයකු අක්මිමන සදර්න්කෝටි ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් අක්මිමන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා ගාල්ල බන්ධනාගාරයේ රාජකාරිකරමින් සිටි අයෙකි.
ඔහු 34 හැවිරිදිවියේ පසුවන මාතර තුඩාව ප්‍ර දේශයේ පදිංචි 34 හැවිරිදිවියේ පසුවන එක්දරුපියෙකි.
සැකකරු මත්කුඩු පානයටද ඇබ්බැහි වි සිටින අයෙකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරු මිතුරකු හමුවිම සදහා අක්මිමන සදර්න්කෝට් ප්‍රදේශයට පැමිණ සිටියදි අක්මීමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත මහතාට පුද්ගලක ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන බැව් පොලිසිය පවසයි.
68 Views
Comments