අවන්හලක ගැටුම මරණයකින් කෙළවර වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

අවන්හලක ගැටුම මරණයකින් කෙළවර වෙයි

අවන්හලක ගැටුම මරණයකින් කෙළවර වෙයි

කොළඹ ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරු විසින් ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියා ඊයේ (05) රාත්‍රීයේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව කොටුව පොලීසිය පවසයි.

 

එම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ අජේ කුමාර් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පෙරේදා (04) රාත්‍රී අවන්හල තුළ බහින් බස් වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

385 Views

Comments

arrow-up