ජපානය බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානය එක තැන කැරකෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

ජපානය බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානය එක තැන කැරකෙයි

ජපානය බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානය එක තැන කැරකෙයි

ඊයේ (28) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොලින් ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා රාත්‍රී 07.50 ට පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්බස් A 330-300 (ගුවන් ගමන් අංක UL-454/ ලි.ප අංක 4R-ALR) යානාව තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු ගොඩබැස්සවීමට නියමුවන් කටයුතු කර තිබුණි.

 

 

ඒ එම යානාවේ රෝද පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්. 

 

 

කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හා ගුවන් මගීන් 301 දෙනෙකු රැගෙන රාත්‍රී 07.50 ට ගුවන්ගත කළ යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි හැකිළීම සිදු නොවන බව පරිගණක පද්ධතියේ සඳහන් වීම හේතුවෙන් යානය නැවත ගොඩ බැස්වීමට ප්‍රධාන නියමුවා තීරණය කර තිබේ.

 

 

එම යානාව ගොඩබැස්සවීම සදහා තාක්ෂණික වශයෙන් සූදානම් කිරීම වෙනුවෙන් පැය 2 මිනිත්තු 33ක කාලයක් ශ්‍රීලංකා ගුවනේ පියාසර කර තිබේ. 

 

 

පසුව ගුවන් යානයේ සිටි මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානය නරීටා ගුවන් තොටුපල වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු පැවසීය.

 

views

254 Views

Comments

arrow-up