රට තුළ ලාෆ් ගෑස් හිඟයක් නෑ

රට තුළ ගෑස් හිඟයක් ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.
රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බවත් මසකට අවශ්‍ය ගෑස් ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බවත් එහි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කළේය.
"මේ කාලයේ අපිට පැමිණිලි රාශියක් ලැබෙනවා වෙළෙඳපොළෙන් බෙදාහැරීම් නියෝජිතයින්ගෙන්, හොට් ලයින් එකෙන් කස්ටමස්ලා අහනවා ගෑස් නැද්ද ? ගෑස් නැද්ද ? හිඟයක් තියෙනවා නේද ? කියලා. අපිට විසඳගන්න බැරි තරම් ප්‍රමාණයක් කෝල් එනවා. නැව් වල එන ගෑස් හම්බන්තොට පර්යන්තයේ ප්‍රමාණවත් තොග මේ වෙනවිට රැස් කරලා තියෙනවා. ඒ වගේම මාබිම තියෙනවා අපේ තොග පර්යන්තයක් එතනත් ප්‍රමාණවත් ගෑස් අපි ළඟ තියෙනවා. මේ දෙකේම රටට අවශ්‍ය තරම් ප්‍රමාණවත් මාසයක අවශ්‍ය ගෑස් අපි ළඟ තියෙනවා. ඒ නිසා මෙතැන ගෑස් හිඟයක් ඇති වීමට කොහෙත්ම හේතුවක් නෑ. අපි වීර්යයක් දරනවා රට තුළ පාරිභෝගිකයාගේ ගෑස් හිඟයකින් තොරව ඉදිරි කාලයේ ඒ සේවාව ලබාදීම සඳහා."
247 Views
Comments