නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග වසර 40 ඉක්මවූ තට්ටු නිවාස වලට කරන්න යන දේ

වසර 40 ඉක්මවූ සියලු තට්ටු නිවාසවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් ලබා ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග බලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව එවැනි ගොඩනැගිලි සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් මගින් පර්යේෂණ සිදුකර විධිමත් තාක්ෂණික වාර්තාවක් ලබාගැනීමට අපේක්ෂා කරන අතර, එම වාර්තාවේ නිර්දේශ පරිදි අදාළ නිවාස සංකීර්ණ ප්‍රතිසංවර්ධනය කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට අපේක්ෂා කෙරේ.
එම වාර්තාව මගින් අනාරක්ෂිත යැයි තහවුරු වන අදාළ නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් 2003 අංක 24 දරන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරී පනතේ 10 වැනි වගන්තියෙන් නිවාස අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම දේපළ අත්පත් කරගැනීමට හැකියාව පවතින බව ද අමත්‍යාංශය පවසයි.
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් මේ වනවිට අනාරක්ෂිත යැයි හඳුනාගත් නිවාස සංකීර්ණ 8ක් පිළිබඳව තොරතුරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
වෑකන්ද නිවාස යෝජනා ක්‍රමය, බම්බලපිටිය නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, කම්කරුපුර නිවාස ක්‍රමය, මාලිගාවත්ත නිවාස ක්‍රමයේ ගොඩනැගිලි කිහිපයක් සහ මිහිඳු මාවත නිවාස ක්‍රමයේ නිවාස 869ක් සහ වෙළෙඳසල් 619ක් අනාරක්ෂිත බව ද අදාළ වාර්තාවේ සඳහන්ය.
246 Views
Comments