මූල්‍ය සමාගමක හිමිකරුව පැහැර ගත් භික්ෂුවක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

මූල්‍ය සමාගමක හිමිකරුව පැහැර ගත් භික්ෂුවක් අත්අඩංගුවට

මූල්‍ය සමාගමක හිමිකරුව පැහැර ගත් භික්ෂුවක් අත්අඩංගුවට

දෙමටගොඩ දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවතේ පිහිටි මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන අයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගත් බව කියන භික්ෂූන් වහන්සේ නමක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

මූල්‍ය හා ආයතනයේ හිමිකරු පැහැරගෙන යෑමට පැමිණ ඇත්තේ පොලිසිය විශේෂ කාර්ය බළකා මූලස්ථානයට අයත් කැබ් රථයක් බවත් එම පැහැරගැනීමට සම්බන්ධ වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු සහ පොලිස්කොස්තාපල් රියදුරකු අත්අඩංගුවට ගැනීමට දෙමටගොඩ පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 

 

මූල්‍ය ආයතනයේ හිමිකරුට අයත් මාකොළ ප්‍රදේශයේ පිහිටි නිවසේ ඔප්පුව හා ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද පැහැරගැනීම සිදුකළ අය විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

පැහැරගත් මූල්‍ය ආයතනයේ හිමිකරු කොළඹ රාජකීය උද්‍යානය අසල අත්හැර දමා යෑමෙන් පසු දෙමටගොඩ පොලීසියට කල පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

views

215 Views

Comments

arrow-up