ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි.

 

අප කළ විමසීමකදී ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

 

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරු‍ණේ ජුලි මස 2 වනදා ය.

 

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,690ක් ලෙසට ය. 

 

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වෙයි.

 

එමෙන්ම කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් වෙයි.

views

171 Views

Comments

arrow-up