පන්සලේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන් වැට ගලවා උස්සන් ගිහින්

වාද්දුව පොතුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ ඓතිහාසික බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන් වැට ගලවා එහි රන් ආලේපිත කනු සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව වාද්දුව පොලිසිය පවසයි.
එම විහාරාධිපති පූජ්‍ය මොල්ලිගොඩ සුගතනන්දහිමියන් විසින් කල පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කොන්ක්‍රීට් යොදා සවිකර ඇති රන්වැට කිසියම් ආයුධ භාවිතා කරමින් අඩි තුනහමාරක් පමණ උසැති රන් කනු හතරක් සහ රන් අලේපිත පටි ගලවා කනුවක් සහ පටි රැගෙන ගොස් ඇති අතර ගලවන ලද අනෙක් කනු තුන එම ස්ථානයේ තිබී හමුවු බවත්’ විහාරාධිපති හිමියන් පැවසීය.
180 Views
Comments