විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන පවසමින් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය ප්‍රකාශ කළේ, 119 තොරතුරු මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

සැකකරු 58 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

 

අත්අඩංගුවට ගත් සැකකරු දිසා විනිසුරුවරයෙකු සහ නීතීඥවරයෙකු ලෙස පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබාදෙන පවසා රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 

මූල්‍ය වංචා සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි 03ක් ද ඉදිරිපත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

208 Views

Comments

arrow-up