ඇතාවැටුණුවලේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

ඇතාවැටුණුවලේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

ඇතාවැටුණුවලේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

කළුතර අවිත්තාව, ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසකගෙන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

 

මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඊයේ (25) පෙරවරුවේ මෙම දියවලෙහි දිය නෑමට ගොස් ඇත.

 

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

 

මෙලෙස දියේ ගිලි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.

 

දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ අද (26) දිනයේදී පැවැත්වීමට නියමිත අතර ඉත්තෑපාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

216 Views

Comments

arrow-up