හිටපු ජනපති ගෝඨාභය නේපාලයට

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිඳ නේපාලයට ගොස් තිබේ.
නේපාලයේ මාධ්‍ය පවසන ආකාරයට කත්මණ්ඩු නුවරදී ඔවුන් රැඳී සිටින්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිට අයත් හෝටලයකය.
ඔවුන් ඉකුත් 23දා නේපාලයට පැමිණීමෙන් පසු පසු ජම්සිඛෙල් හි මිවන්ත හෝටලයේ නැවතී සිටී.
කත්මන්ඩු හි දින දෙකක රැඳී සිටීමෙන් පසු ඔවුන් අද භාරත්පූර් වෙත යෑමට සැලසුම් කර ඇත.
චිට්වාන් හි දින තුනකට පසුව, ඔවුන් ලබන ඉරිදා කත්මණ්ඩු වෙත ආපසු යෑමට පෙර ලුම්බිණිය නැරඹීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සත්කාර කරන නේපාල ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිට ශ්‍රී ලංකාවේ හෝටල් සහ බැංකු මෙන්ම ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියාව පුරා ව්‍යාපාර ඇතැයි ද වාර්තා වේ.
146 Views
Comments