මැතිවරණ කටයුතු සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් 1,358ක් සුදානම්

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බවය.
ඊට අමතරව මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් ලබාදීමට නියමිතව තිබේ.
මේ අතර ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා පිටත් වන ජනතාවගේ පහසුව සඳහා අද (20) සහ හෙට (21) යන දිනවල දුර ගමන් සේවා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේය.
171 Views
Comments