පොලිස් අණ නොතකා පනින්න හැදූ ත්‍රීරෝදය පොලිස් සැරයන්වරයෙකු එල්ලී නවතයි - සැකකරු ළඟ මත්කුඩු
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

පොලිස් අණ නොතකා පනින්න හැදූ ත්‍රීරෝදය පොලිස් සැරයන්වරයෙකු එල්ලී නවතයි - සැකකරු ළඟ මත්කුඩු

පොලිස් අණ නොතකා පනින්න හැදූ ත්‍රීරෝදය පොලිස් සැරයන්වරයෙකු එල්ලී නවතයි - සැකකරු ළඟ මත්කුඩු

අළුත්ගම, මොරගල්ල, මාරගහ අසල දී ත්‍රිරෝද රථයක් පොලිස් අණ නොතකා පලා යමින් සිටියදී පොලිස් සැරයන්වරයකු එහි එල්ලී නවතා ගෙන ඇති අතර එය පැදවූ අය අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10050ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

 

පෙරේදා (10) මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල, මහගොඩ පදිංචි 25 හැවිරිදි අයෙකි.

 

අළුත්ගම පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මහගොඩ දෙස සිට පැමිණි ත්‍රිරෝද රථය නතර කරන ලෙස අණ කළ ද ඔහු පොලිස් අණ නොතකා එය ධාවනය කරන විට පොලිස් සැරයන් (44839) දුමින්ද මහතා ත්‍රිරෝද රථයේ එල්ලීමත් සමග රියැදුරු රථය පසෙකට කර නවතා ගෙන ඇත.

 

පසුව කළ පරීක්ෂාවේදී සාක්කුවේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරු ද ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

සැකකරු ඊයේ (11) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

187 Views

Comments

arrow-up