හොරෙන් ගෙට පැන්න පියා, පුතාව අවසන් ගමන් යවා බිරිඳටත් කඩුවෙන් කොටා පැන ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

හොරෙන් ගෙට පැන්න පියා, පුතාව අවසන් ගමන් යවා බිරිඳටත් කඩුවෙන් කොටා පැන ගිහින්

හොරෙන් ගෙට පැන්න පියා, පුතාව අවසන් ගමන් යවා බිරිඳටත් කඩුවෙන් කොටා පැන ගිහින්

ඊයේ (11) අලුයම රත්මලාන, මාලිගාව පාරේ නිවසකට රහසිගතව ඇතුළු වූ පියකු නිදාගෙන සිටි සිය පුතා කපා කොටා ඝාතනය කර, බිරිඳට කඩුවෙන් හා පිහිවලින් පහර දී මරණීය තුවාල සිදුකර පලා ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන, මාලිගාව පාර අංක 166/ඒ, නිවසේ පදිංචිව සිටි 26 හැවිරිදි ලහිරු ලක්ෂාන් නමැති තරුණයෙකි.

 

සැකකාර ඝාතකයාගේ 54 හැවිරිදි බිරිඳ බරපතළ කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත.

 

ඝාතනය සිදු කළ පියා වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිට ඇති බව ද අනාවරණය වී ඇත.

 

අලුයම ඝාතනය සිදු කළ පියා පැය ගණනක් නිවස අසල මල්ගස්වලට මුවාවී රැඳී සිට නිවසේ සිටි ආච්ච් අම්මා පිටව ගිය පසු නිවස තුළට පැන සිය පුතු ඝාතනය කර බිරිඳට මරණීය තුවාල සිදු කර පලා ගොස් ඇත.

 

අනතුරුව අසල්වාසීන් නිවසට ඇතූළු වී බරපතල තුවාල ලබා සිටි මව හා පුතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ බවත් ඒ වන විටත් පුතු මිය ගොස් තිබූ බවත් අසල්වැසි ඥතියෙක් පැවසීය.

 

සිද්ධියෙන් පසු සැකකාර පියා ප්‍රදේශය හැර පලා ගොස් ඇත.

views

205 Views

Comments

arrow-up