උසාවියේදී බොරු සාක්‍ෂි දුන් කාන්තාවකට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

උසාවියේදී බොරු සාක්‍ෂි දුන් කාන්තාවකට වැඩ වැරදුණු හැටි

උසාවියේදී බොරු සාක්‍ෂි දුන් කාන්තාවකට වැඩ වැරදුණු හැටි

අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවකුට එස්.ටී.එෆ්. නිලධාරීන් වෙඩි තැබූ බව කියන අවස්ථාවේ එහි අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සිටි බවට අධිකරණය හමුවේ බොරු සාක්‍ෂි ලබාදුන් කාන්තාවක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (03) අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකාර කාන්තාව බළපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

සැකකාර කාන්තාව ඉකුත් 2022 වර්ෂයේ ඔක්තෝබර් 12 වැනිදා අහුංගල්ල රියෝ හෝටලය ඉදිරිපිටදී පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන ඇඹිලිපිටියේ පොඩි ඉන්දික නමැත්තාගේ අනියම් බිරිඳ බව පොලිසිය පවසයි.

 

පොඩි ඉන්දික නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත්වී තිබිණි. එම වෙඩි හුවමාරුව සිදුවූ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතා ද පැමිණ සිටි බවට පොඩි ඉන්දිකගේ අනියම් බිරිඳ විසින් බළපිටිය අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදී තිබිණි.

 

මෙම කාන්තාව විසින් බොරු සාක්‍ෂා ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

 

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළිවී තිබුණේ, සැකකාරිය බොරු සාක්‍ෂි ලබාදී ඇති බවයි. ඒ අනුව එම කාන්තාව අත්අඩංගුවට ගත් අතර ඇය බළපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

 

සැකකාර කාන්තාව කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයා සමග ද සබඳතා පවත්වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

views

183 Views

Comments

arrow-up