සීඅයිඩී කියා ඇවිත් නඩු භාණ්ඩ ගබඩාවේ කුඩු කිලෝ 12ක් පන්නලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

සීඅයිඩී කියා ඇවිත් නඩු භාණ්ඩ ගබඩාවේ කුඩු කිලෝ 12ක් පන්නලා

සීඅයිඩී කියා ඇවිත් නඩු භාණ්ඩ ගබඩාවේ කුඩු කිලෝ 12ක් පන්නලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ හෙරොයින් කිලෝ 12ක් වංචා සහගතව රැගෙන ගොස් ඇති බව කියන සැකකරුවකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ඊයේ (28) නියෝග කළේය.

 

මෙම කුඩු තොගය කොළඹ මහාධිකරණයේ නඩුවක් සඳහා ගොනු කිරීමට තිබූ ඒවා බවත් එම කුඩු තොගය මීට පෙරදී රස පරීක්ෂකවරයා වෙත යැවීමෙන් අනතුරුව නැවත එම නඩු බඩු කාමරයේ ගබඩා කර තිබී ඇති බව ද දැන ගැනීමට තිබේ.

 

එම කුඩු තොගය එසේ තිබියදී පසුගිය දිනක එම නඩු බඩු කාමරය වෙත පැමිණ ඇති පුද්ගලයෙකු තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තරිඳු යෝෂිත අයෙකු බවත් එම කුඩු තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට අවශ්‍ය බව පවසමින් එම නඩු බඩු කාමරයේ භාරකරුට අසත්‍යය ප්‍රකාශ ලබාදී එම කුඩු තොගය වංචා සහගතව රැගෙන ගොස් ඇති බව ද අනාවරණය වෙයි.

 

එම කුඩු තොගය නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට අධිකරණ නියෝගයක් තිබී නැති බවත් මහාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්ත සඳහා එම කුඩු තොගය ගොනු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එය අස්ථානගතව ඇති බව දැනගෙන තිබේ.

views

176 Views

Comments

arrow-up