ත්‍රීරෝද රථ රියදුරන්ව බිය ගන්වා භාණ්ඩ කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

ත්‍රීරෝද රථ රියදුරන්ව බිය ගන්වා භාණ්ඩ කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට

ත්‍රීරෝද රථ රියදුරන්ව බිය ගන්වා භාණ්ඩ කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවලට නැඟ අතරමගදී තියුණු ආයුධ පෙන්වා ත්‍රීරෝද රථ ඇතුළු දේපොළ කොල්ලන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැලිකඩ පොලිස් වසමේ අරුණෝදය මාවතේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 27 හැවිරිදි රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

අදාළ සැකකරු පෑලියගොඩ, කැලණිය, කඩවත, බොරැල්ල සහ මිරිහාන යන ප්‍රදේශවලදී ත්‍රීරෝද රථ, ජංගම දුරකථන, රන් භාණ්ඩ ආදිය කොල්ලකා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

 

පොලීසිය සඳහන් කළේ එසේ කොල්ලකන ලද දේපොළවලින් කොටසක් මේ වනවිට සොයාගෙන ඇති බවය.

 

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

189 Views

Comments

arrow-up