ප්‍රදේශ රැසකට මි. මී 100 ඉක්මවූ තද වැසි - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එම ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මි. මී 100 ඉක්මවූ තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාව හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල මෙම තත්ත්වය හටගෙන තිබේ.
197 Views
Comments