මැතිවරණ නීති උල්ලංඝනය කල 22ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

මැතිවරණ නීති උල්ලංඝනය කල 22ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කල 22ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු  පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

 

මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු දක්වමින් ඒ මහතා පැවසුවේ එම කාලය තුළ වාහන 4ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවය.

 

"මැතිවරණයට අදාළව පැමිණිලි 173ක් වාර්තා වෙලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවට. එම පැමිණිලි අපි වර්ග කරනවා අපරාධමය ස්වභාවයේ පැමිණිලි සහ මැතිවරණ නීති  උල්ලංගනය කිරීමේ පැමිණිලි කියලා. මැතිවරණ නීති  උල්ලංගනය කිරීම්වලට අදාළය පැමිණිලි 119ක්  අපරාධමය ස්වභාවයේ පැමිණිලි 54ක් විදියට මේ 173 වර්ග කරලා තියෙනවා. විශේෂයෙන්ම පහරදීම් අනර්ථය සිදුකිරීම් ගිනි තබා යම් කිසි ආකාරයකට විනාශ කිරීම් වැනි දේවල් . මේ වන විට ආධාරකරුවන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පෞද්ගලික වාහන 4ක් අත්අඩගංවට අරගෙන තියෙනවා."

views

170 Views

Comments

arrow-up