මුහුදු සීමා උල්ලංඝනය කර මෙරටට ආ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

මුහුදු සීමා උල්ලංඝනය කර මෙරටට ආ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

මුහුදු සීමා උල්ලංඝනය කර මෙරටට ආ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (04) නාවික හමුදා භාරයට ගැනුණි.

 

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදාව පවසයි. 

 

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.  

 

තවද, මෙම මෙහෙයුමත් සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හතක් සහ ඉන්දීය ධීවරයින් තුන්සිය හතලිස් පස් දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.

views

151 Views

Comments

arrow-up