පහරදීමකින් බස් රථ හිමිකරුවෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

පහරදීමකින් බස් රථ හිමිකරුවෙක් ජීවිතක්‍ෂයට

පහරදීමකින් බස් රථ හිමිකරුවෙක් ජීවිතක්‍ෂයට

නාඳුනන පුද්ගලයෙකු ත්‍රීරෝද රථයකින් පැමිණ මුගුරකින් පහර දීම නිසා මීගොඩ ප්‍රදේශයේ බස් රථ හිමිකරුවෙකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

 

මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ නො.106/1, ගොඩගම, හෝමාගම ලිපිනයේ පදිංචි ගම්මැද්ද ගමගේ සම්පත් රුවන් නැමැත්තෙකි.

 

මොහු කලක් නෙලු‍ව ප්‍රදේශයේ ශ්‍රී.ල.නි.ප. සංවිධායක වරයෙකු ලෙස කටයුතු කළ අයෙකි.

 

මේ වනවිට සිද්ධිය සම්බන්ධව මීගොඩ පොලිසිය පුලු‍ල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

 

පොලිසිය සැක කරන්නේ මෙම පහරදීම කිසියම් පෞද්ගලික ආරවුලක් මත සිදුවූ එකක් වන්නට ඇති බවය.

views

220 Views

Comments

arrow-up