ත්‍රිරෝද රථය පිටුපස බෑගයකින් හමුවූ බිලිඳු මළ සිරුර ගැන එළියට ආ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

ත්‍රිරෝද රථය පිටුපස බෑගයකින් හමුවූ බිලිඳු මළ සිරුර ගැන එළියට ආ කතාව

ත්‍රිරෝද රථය පිටුපස බෑගයකින් හමුවූ බිලිඳු මළ සිරුර ගැන එළියට ආ කතාව

ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ ජී. එල්. කොටසේ වතු නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක පිටුපස පොලිතින් බෑගයක දමා තිබී හමු වූ බිලිඳියගේ මව සහ ත්‍රිරෝද රථයේ රියැදුරා ඊයේ (10) දින ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.

 

අත්අඩංගුවට ගත් සැකකාර මව 24 හැවිරිදි අවිවාහක කාන්තාවක් බවත්, ත්‍රිරෝද රථයේ රියැදුරා (28) සමග අනියම් සබඳතාවක් තිබී ඇති බවත්, ත්‍රිරෝද රථ රියැදුරා විවාහක අයෙකු බවත්, ඔහු එක්දරු පියෙකු බවත් ආගරපතන පොලිසිය සිදුකර ඇති මූලික විමර්ෂනවලදී අනාවරණය වී ඇත.

 

සැකකාර ත්‍රිරෝද රථ රියැදුරාගේ නිවසට යාබදවම සැකකාර මව පදිංචි බවත්, ඇය මාවනැල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියදී සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා ඔහුගේ සහෝදරයෙකුට අයත් ත්‍රිරෝද රථයකින් (09) දින මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකාර මව ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායට රැගෙන පැමිණ ඇති බව පොලිසිය කියා සිටියේය.

 

දින කිහිපයකට ප්‍රථම බිලිඳිය ප්‍රසුත කර ඇති බවත්, බිලිඳියගේ ගෙල වටා වයර් කැබැල්ලක් තිබූ නිසා එය ඝාතනයක්ද යන්න පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය කරගත හැකි බව ආගරපතන පොලිසියේ නිලධාරියකු කියා සිටියේය.

 

ගාල්කර තිබු ත්‍රිරෝද රථයෙන් දැඩි දුර්ගන්ධයක් හැමීම නිසා සැකකාර ත්‍රිරෝද රථ රියැදුරාගේ මව විසින් එය පරීක්ෂා කළ අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස පොලිතින් බැගයක් තුළ දමා තිබූ බිලිඳියගේ සිරුර හමු වී තිබේ. පසුව ඒ පිළිබඳව අසල්වාසින්ට දැනුම් දීමෙන් පසු අසල්වාසින් විසින් ආගරපතන පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

 

ත්‍රිරෝද රථයේ තිබී හමු වු බිලිඳියගේ මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් විජේවික්‍රම මහතා විසින් පැවැත් වූ අතර, බිළිදියගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට ආගරපතන පොලිසියට නියෝග කෙරිණි.

views

211 Views

Comments

arrow-up