ත්‍රී රෝද රථ සංගම් හතරක සහය රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මෙරට ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් හතරක නියෝජිතයින් පවසති.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රී රෝද රථ වෘත්තිකන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය යන ප්‍රවාහන සංගම් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
එම සංගම් නියෝජනය කරන නියෝජිතන් දහසක් පමණ අද උදෑසන කොළඹ ගෝල්ෆේස් අරගල භූමියට රැස්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීම අනුව ඔවුන් අතරට පැමිණි ජනාධිපතිවරයා එම පිරිස සමඟ සුහද පිළිසඳරක නිතරවූ බව ජනාධිපති මාධය අංශය නිවේදනය කරයි.
178 Views
Comments