වාර්ෂික දරු උපත් ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළට

2019 දී මෙරට වාර්තා වූ උපත් සංඛ්‍යාවට වඩා 2023 වාර්තා වී ඇති උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 70,000 කින් පහළ ගොස් තිබේ. 2019 වසරේ සිට 2023 දක්වා වසර පහක කාලයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වාර්ෂික උපත් සංඛ්‍යාව සැලකිය යුතු සංඛ්‍යාවකින් පහළ යමින් තිබේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2023 වසරේ ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22කි.
උපත් අනුපාතිකය අඩුවීම යනු රටේ ශ්‍රම බළකායට සෘජුව බලපෑමක් ඇති කරන්නකි.
වර්තමාන ශ්‍රම බළකාය ක්‍රම ක්‍රමයෙන් වියපත් වීමත් සමග අලුතෙන් ශ්‍රම බළකායට එක්වන සංඛ්‍යාව පහළ යාම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් වනු ඇතැයි මේ වනවිටත් අනාවැකි පළවී තිබේ.
177 Views
Comments