2024 ජනපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

2024 ජනපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කරයි

2024 ජනපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කරයි

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් විසින් නාමයෝජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමෙන් අනතුරුව, අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගැනීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව සදහන් කරයි.

 

ඉන්පසු අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශවල සංස්කරණය කරන ලද පිටපත් (දූෂණ විරෝධී පනතේ 88 (1) උපවගන්තියට අනුව, අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව) කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බව ද දන්වා සිටියි.

views

246 Views

Comments

arrow-up