ස්වයංක්‍රීය අවියක් රැගෙන තමා හඹා ආ කුලී ඝාතකයන් සමඟ පොරබදා ව්‍යාපාරිකයා දිවි ගලවා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

ස්වයංක්‍රීය අවියක් රැගෙන තමා හඹා ආ කුලී ඝාතකයන් සමඟ පොරබදා ව්‍යාපාරිකයා දිවි ගලවා ගනී

ස්වයංක්‍රීය අවියක් රැගෙන තමා හඹා ආ කුලී ඝාතකයන් සමඟ පොරබදා ව්‍යාපාරිකයා දිවි ගලවා ගනී

හික්කඩුව නගරයේ දී යතුරුපැදි අලෙවිසැලක හිමිකරුවකු මහමඟ දී ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට කුලී ඝාතකයන් දෙදෙනකු පෙරේදා (14) සවස ගත් උත්සාහය ව්‍යර්ථවී ඇත.

 

තමන් ඝාතනය කිරීමට ටී 56 අවියක් අමෝරා ගෙන පැමිණි කුලී ඝාතකයා සමග පොර බදා සිය ජීවිතය බේරා ගැනීමට ව්‍යාපාරිකයා සමත් විය.

 

ඩුබායිහි සැඟවී සිටින කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ නියෝග මත කුලී ඝාතකයන් දෙදෙනකු මෙම ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණ ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

 

කරන්දෙණියේ සුද්දාගේ පාතාල කල්ලිය සහ මෙම ව්‍යාපාරිකයා අතර කාලයක පටන් පැවැති ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

 

පෙරේදා සවස 5.00ට පමණ ව්‍යාපාරිකයා සිය වෙළෙඳසැල ඉදිරිපිට සිටිය දී යතුරුපැදියක පැමිණි කුලී ඝාතකයන් දෙදෙනා ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

 

ඒ අවස්ථාවේ කුලී ඝාතකයා වෙත කඩා පැන ඇති ව්‍යාපාරිකයා ඔවුන් සමග පොරබදා ටී 56 අවිය ලබාගැනීමට උත්සාහ කර තිබේ.

 

එහිදී ව්‍යාපාරිකයාට වෙඩි තැබීම පසෙකලා කුලී ඝාතකයන් දෙදෙනා යතුරුපැදියේ නැඟී පලා ගොස් ඇත. හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යයි.

views

228 Views

Comments

arrow-up