විදෙස් රැකියා සිහින මවා තරුණයාගේ බැංකු ගිණුමේ මුදල් ඇද්ද දෙදෙනෙක් මාට්ටු

යාපනය ප්‍රදේශයේ පිහිටි බැංකුවකින් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක් හා තවත් පුද්ගලයකු යාපනය පොලිසිය විසින් පෙරේදා (07) අත්අඩංගුවට ගෙන තිබේ.
ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකුට විදේශ රටක සිට දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර එහිදී ඇමතුම ලබාගත් පිරිස ප්‍රකාශ කොට ඇත්තේ ඔහුට ලන්ඩනයේ රැකියාවක් ලබාදිය හැකි බවයි.
දුරකතන ඇමතුම ලැබී ඇත්තේ ලන්ඩනයේ අංකයකින් නිසා ඔහු ඊට කැමැත්ත පළකොට එම කණ්ඩායම ප්‍රකාශ කරන අන්දමට පියවරෙන් පියවර සිය දුරකතනය මගින් විවිධ ක්‍රියාකාරකම් සිදුකොට තිබේ.
ඔහුගේ ගමන් බලපත්‍රයේ අංකය, බැංකු කාඩ්පත් විස්තර යනාදිය එම පිරිස ලබාගෙන දින කීපයකට පසුව ඔහු මෙතෙක් සම්බන්ධ වී සිටි කණ්ඩායමේ සියලු දුරකතන අංක අක්‍රීය වී ඇත.
පසුව ඔහු බැංකුවට ගොස් තම ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 65ක මුදලම වෙනත් පිරිසක් විසින් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ.
වහාම ඔහු මේ පිළිබඳව යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් දින ගණනාවක් පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව කාන්තාවක් හා තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ පැමිණිලිකරුගේ ගිණුමේ තිබූ මුදල් අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනාගේ ගිණුම්වලට මාරු කරගෙන ඇති බවයි.
ඔවුන් දෙදෙනාම තායිලන්තයේ සිට යාපනයේ පදිංචිකරුවා රවටා මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ.
ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ව යපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.
197 Views
Comments