උප පොලිස් පරික්‍ෂකට පිහියෙන් ඇන්න සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

උප පොලිස් පරික්‍ෂකට පිහියෙන් ඇන්න සැකකරු අත්අඩංගුවට

උප පොලිස් පරික්‍ෂකට පිහියෙන් ඇන්න සැකකරු අත්අඩංගුවට

මහනුවර මාතලේ පාර, ප්‍ර දේශයේදී වෑන් රථයක් අසල පිහියක් අත තබාගෙන සිටි පුද්ගලයකු පිළිබදව පිරික්සීමේදී උපපොලිස් පරීක්ෂකවරයකුට පිහියකින් ඇන්න බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

 

මහනුවර පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු කාර් රථයකින් 119 රාජකාරියේ යෙදී සිටියදී පහරදීමකට තැත්කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇත.

 

අනතුරුව එම පැමිණිල්ල විභාග කිරීම සදහා කාර් රථයෙන් මාතලේ පරා ප්‍ර දේශයේ ගමන් කරමින් සිටියදී වෑන් රථයක් නවතා එහි දොර අසල පිහියක් අතැතිව සිටි සැකකරු පිළිබදව පිරික්සීමේදී එම සැකකරු උප පොලිස් පරීක්ෂකවරයාට පිහියකින් ඇන ඇති බව පොලිසිය පවසයි.

views

208 Views

Comments

arrow-up