විදුලි කණුවක හප්පා යතුරුපැදිකරුවෙකුව ඝාතනය කළ රියදුරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

විදුලි කණුවක හප්පා යතුරුපැදිකරුවෙකුව ඝාතනය කළ රියදුරු අත්අඩංගුවට

විදුලි කණුවක හප්පා යතුරුපැදිකරුවෙකුව ඝාතනය කළ රියදුරු අත්අඩංගුවට

බලංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විදුලි කණුවක ගැටීමට සලස්වා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වු රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය පැවසුවේ සැකකරු අදාළ ලොරි රථයද සමඟ බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණ භාරවූ බවයි.

 

පසුගියදා බලංගොඩ බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියක් අනතුරට ලක්කර පළා යාමට උත්සාහ දැරූ ලොරි රථයක් නවතා ගැනීමට අදාළ යතුරුපැදිකරු තැත් කර තිබුණි.

 

යතුරුපැදිකරු ලොරිරථයේ එල්ලී එය නවතා ගැනීමට උත්සාහ දැරුවද ලොරි රථය නොනවත්නා ධාවනය කර ඇති අතර පසුව බලංගොඩ කහටපිටිය ප්‍රදේශයේදී  ලොරි රථයේ රියදුරු විසින් රථය විදුලි කණුවක ගැටීමට සලස්වා පළා ගොස් තිබුණි.

 

එහිදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවේය.

views

260 Views

Comments

arrow-up