මහනුවර ඇසළ පෙරහැරේ ආසන අධික මිලකට විකුණන ජාවාරමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

මහනුවර ඇසළ පෙරහැරේ ආසන අධික මිලකට විකුණන ජාවාරමක්

මහනුවර ඇසළ පෙරහැරේ ආසන අධික මිලකට විකුණන ජාවාරමක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් පෙරහැර ආසන රුපියල් 40,000 - 50,000ක් වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

 

මෙලෙස ඉහළ මිල ගණන් යටතේ පෙරහැර ආසන අලෙවි කිරීමෙන් පෙරහැර සංවිධායකයින් දේශීය හා විදේශීය වශයෙන් විශාල අපකීර්තියට ලක්වන බව ඔහු පෙන්වා දෙයි.

 

අසාධාරණ ලෙස පෙරහැර ආසන විකිණීමට දළඳා මාළිගාව හෝ සතර මහා දේවාල කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති බවත් මෙලෙස අසාධාරණ අය කිරීම් පිළිබඳ පැමිණිලි ඇත්නම් පෙරහැර භාරය වෙත දැනුම් දෙන ලෙසත් දියවඩන නිලමේවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

views

227 Views

Comments

arrow-up