හොර නෝට්ටු ජාවාරමේ නිරතවුණු අම්මයි දුවයි මාට්ටු

කුලී ගෙවීමේ පදනම මත මෝටර් රථයක් ලබාගෙන සිය දියණියද කැටුව එම රථයෙන් ගොස් රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු ලබාදී භාණ්ඩ ලබාගත් කාන්තාවක අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කළුතර, කිතුලව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කීය.
අගලවත්ත සහ ඒ අවට ප්‍රදේශයේ වෙළෙඳසැල් වලට මෝටර් රථයකින් පැමිණෙන කාන්තාවක් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදීගෙන පලාගොස් ඇති බවට පැමිණිලි පහක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි. කලවැල්ලාව ප්‍රදේශයේ වෙළෙඳසැලකටද මොවුන් පැමිණ ඇත.
කාන්තාවක් සහ ගැහැනු ළමයකු මෝටර් රථයකින් පලාගිය බවට ලද තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා වැටලීම කළ බව පොලිසිය කීය.
සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
260 Views
Comments