තැපැල් සේවකයෙකුට පහරදී ඡන්ද පත්‍රිකා උදුරාගන්න හැදු අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

තැපැල් සේවකයෙකුට පහරදී ඡන්ද පත්‍රිකා උදුරාගන්න හැදු අයෙක් අත්අඩංගුවට

තැපැල් සේවකයෙකුට පහරදී ඡන්ද පත්‍රිකා උදුරාගන්න හැදු අයෙක් අත්අඩංගුවට

කිළිනොච්චියේ ශාන්තපුරම් ප්‍රදේශයේදී තැපැල් සේවකයෙකු නිල ඡන්ද පත්‍රිකා බෙදමින් සිටියදී ඔහුට පහර දී නිල ඡන්ද පත්‍රිකා පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු කිළිනොච්චිය පොලීසිය විසින් ඊයේ (10) අත් අඩංගුවට ගෙන තිබේ.

 

නිල ඡන්ද පත්‍රිකාවක් බෙදා දීමට ගිය තැපැල් සේවකයාට ලිපිනයක් සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති අතර ඔහු ඒ ලිපිනය ගැන අසල වෙළද සැල් හිමියෙකුගෙන් තොරතුරු විමසමින් සිටියදී එම ස්ථානය පැමිණි පුද්ගලයෙකු තැපැල් සේවකාට බැන වැදී ඔහුට පහර දී ඇත.

 

පසුව තැපැල් සේවකයා ළග තිබූ නිල ඡන්ද පත්‍රික පැහැර ගැනීමට එකී පුද්ගලයා උත්සහ කළ අවස්ථාවේදී වෙළද සැලේ සිටි පිරිසක් එම ක්‍රියාවට ඉඩ දී නොමැත.

views

180 Views

Comments

arrow-up