විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක් - කැරලි මර්දන ඒකකයත් කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක් - කැරලි මර්දන ඒකකයත් කැඳවයි

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක් - කැරලි මර්දන ඒකකයත් කැඳවයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වේ.

 

ඔවුන් ඉල්ලීම් කරන්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසය.

 

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිවුණි. 

 

මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසිය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ගෙන්වා ඇත.

views

181 Views

Comments

arrow-up