සජිත්ගෙන් කාදිනල් හිමිට පොරොන්දුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

සජිත්ගෙන් කාදිනල් හිමිට පොරොන්දුවක්

සජිත්ගෙන් කාදිනල් හිමිට පොරොන්දුවක්

තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමියන්ට පොරොන්දු වී තිබේ.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත හිමිපාණන් අතර හමුවක් අද (11) කොළඹ දී සිදුවිය.

 

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උරදෙන බවත් අධිකරණ ක්‍රියාදාමය නැවත ප්‍රත්‍යක්ෂ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා වන අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නා බවත් කාදිනල් හිමිපාණන් හමුවේ පොරොන්දු විය.

 

එසේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන ලබාදීමටත් එහි මහමොළකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමටත් තමා කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

views

151 Views

Comments

arrow-up